කුරුළෑ

සම ඇතුළත ඇති ග්‍රන්ථි මගින් පිටවන මෙිද කොටස් සම මතුපිට ඇති රෝමවල මූලාරම්භය වන සිදුරු වල තැන්පත් වීම කුරුළෑ ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වේ. ග්‍රන්ථි හා සම්බන්ධ වන රෝමවල කුඩා සිදුරු මතුපිට තනි රෝම වර්ධනය වේ. ග්‍රන්ථි ආශ්‍රිත ව පිටවෙන්නාවූ මේදය සම හා රෝම නැවුම් ව තබා ගැනීමට ඉවහල් වේ. මෙම ක්‍රියාව ඇන හිටීමෙන් සම වියලීම සිදු වේ. මෙම ක්‍රියාවලියට භාජනය වන මේද කොටස් "සීබම්" (sebum) වශයෙන් හදුන්වනු ලබේ. කුරුළෑ තුල සීබම් අධික ප්‍රමානයක් සම තුල ඇති ග්‍රන්ථි ආශ්‍රිතව නිපදවීමට පටන් ගනී. සම මතු පිට මිය ගිය සමේ සෛල සමග මෙම අතිරික්ත සීබම්(sebum) මිශ්‍ර වෙනු ඇත. සමෙහි මතුපිටට ලඟින්, වැසුණු රෝම කුප විවරය පිහිටා ඇත්නම් එය සුදු පැහැති හිසක් සමඟ මතුපිටට මතුවේ. ඇතැම්විට කලු ලපයට සමාන ගෙඩියක සවරූප ද්‍රව්‍යයක්ද මතුවිය හැකිය. සාමාන්‍යයෙන් සම මතුපිට ජීවත් වන උපද්‍රව රහිත බැක්ටීරියා තවදුරටත් වැසුණු රෝම කුප විවරයේ තැවරී ආසාධනයට ලක් කරයි. මෙමගින් පැපියුල්ස් (Papules ), පස්ටියුල්ස් (pustules), නොඩියුල්ස් (nodules) යන ආබාධ ඇතිවිය හැක.

ටෙස්ටොස්ටෙරෝන්

යොවුන් වියේ කුරුලැ ටෙස්ටොස්ටෙරෝන් නැමැති හොර්මෝනයේ ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවිය හැකි අතර මෙය ඔවුන් වැඩිවියට පත්වන කාලයේ බහුලව දක්නට ඇත. පිරිමි ළමයින්ගේ ශිෂ්ණය රිජු වීම සහ ශිෂ්ණය සහ වෘෂණ කෝෂ වර්ධනයටද, ගැහැණු ළමයින්ගේ මාංශ පේශි සහ අස්ථි වර්ධනය නඩත්තු කිරීමට ශක්තිය ලබාදීම සඳහාද මෙම හෝර්මෝනය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. විශේෂයෙන් සෙබේසියස් ග්‍රන්ථි, හෝර්මෝන වලට සංවේදීය. එහිදී සොයාගෙන ඇති අන්දමට ටෙස්ටොස්ටෙරෝන් ඉහළ ප්‍රමාණයන් නිසා ග්‍රන්ථි මගින් සීබම් (sebum) සමට අවශ්‍ය ප්‍රමාණයන්ට වඩා නිපදවේ.

කුරුළෑ සහ පවුල් ඉතිහාසය

කුරුළෑ පරම්පරා ගත විය හැක. ඔබේ දෙමාපියන්ට ද එකල්හි කුරුළෑ තිබුනේ නම් ඔබටත් එය ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇත. පර්යේෂණ වලින් සොයාගෙන ඇති අන්දමට ඔබේ මාපියන් දෙදෙනාටම කුරුළෑ තිබිනි නම් ඔබටත් කුරුළෑ අඩු වයසින් පැමිණීමට වැඩි ඉඩක් ඇත. තවදුරටත් ඔබගේ දෙමාපියන්ගෙන් දෙදෙනාටම හෝ එක් අයෙක්ට වුවත් වැඩිවියට පත් වූ පසු කුරුළෑ තිබිනි නම් ඹබටත් එය එසේ සිදුවීමට වැඩි ඉඩක් ඇත.

කාන්තාවන්ගේ කුරුළෑ හටගැනීම්

80% වඩා වැඩි වියට පත් වූ පසු කුරුළෑ ඇති වන්නේ කාන්තාවන්ගෙනි. සොයාගෙන ඇති අන්දමට වැඩිවියට පත් වූ පසු කාන්තාවන්ගේ කුරුළෑ ඇති වන්නේ යම් යම් අවස්තාවන් හිදී ඔව්න්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන මට්ටම් හි වෙනස්කම් නිසාවෙනි. එවන් අවස්ථා නම්:

  • මාස් ශුද්ධිය- සමහරක් කාන්තාවන් ගේ මාස් ශුද්ධිය වීමට ප්‍රථම කුරුළෑ ඇතිවීම් වැඩි කරයි
  • ගර්භණීභාවය- බොහෝ කාන්තාවන් ගැබ් ගෙන පළමු තෙමසේ දී කුරුළෑ රෝග ලක්ෂණ පහළ වේ
  • ඩිම්බකෝෂ තුල ගැටිති ඇතිවීම්(polycystic ovary syndrome)- මේ සුලබ තත්වය හේතුවෙන් කුරුළෑ තත්ව ඇති වීමත් අධික බර ඇතිවීමත් ඩිම්බකෝෂ තුල කුඩා දියරමය ගැටිති ඇතිවීමත් සිදුවේ

අනෙකුත් හේතූන්

කුරුළෑ තත්ව වැඩි වීමට අනෙකුත් හේතුකාරක අතර:

  • යම් රූපලාවන්‍ය ද්‍රව්‍ය- මෙය වර්තමානයේ බොහෝ දුලබව සිදුවන්නකි
  • යම් ඖෂධ වර්ග- ස්ටීරොයිඩ, ලිතියම් (මානසික අවපීඩණ තත්ව, බයිපෝලාර් රෝග තත්ව සඳහා) හා අපස්මාර තත්වයන් සඳහා භාවිත කරන ඖෂධ
  • නිතර පාවිච්චි කරනා සමට පීඩනයක් යොදන ආම්පන්න
  • දුම්පානය- වැඩිහිටි අයවලුන්ගේ කුරුළෑ ඇති කරයි

කුරුළෑ හා බැඳි මිත්‍යා මත

සම ආශ්‍රිතව ඇති වඩාත් ප්‍රචලිතම ගැටලුව කුරුලෑ වුවද, ජනතාව අතර කුරුලෑ පිලිබඳ දැනුම ඉතා අවම මට්ටමක පවතී. කුරුලෑ ආශ්‍රිතව බෝහොමයක් මිත්‍යාමත පවතී. "ආහාර වර්ග නිසා කුරුලෑ හටගනී යන්න මීට උදාහරනයකි''. නමුත් තවමත් කුරුළෑ ඇති කිරීමට ආහාර හේතුවන බවට කිසිඳු පර්යේෂණයකින් සොයාගෙන නැත. නමුත් සාමාන්‍යයෙන් ආහාර ගැනීමේදී සමබර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම හදවතට මෙන්ම සාමාන්‍ය ශාරීරික සෞඛ්‍යයට වඩා යහපත් වේ. "අපිරිසිදු සමක් සහිත වීම සහ දුර්වල සනීපාරක්ශාව හේතුකොටගෙන කුරුලෑ හට ගනී.'' කුරුලෑ හට ගැනීමට හේතු වන බොහෝමයක් ජීව ප්‍රතික්‍රියා හට ගන්නේ සම මතුපිට නොව සම යට බැවින් සම මතුපිට පිරිසිදුකම ඒ සදහා බලපානු නොලැබේ. දිනකට දෙවරකට වඩා මුහුන සේදීම ඔබගේ සමේ තත්වය තවත් උඝ්‍ර අතට පත් කල හැක. "බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සහ ලප මිරිකීම කුරුලෑ ඉවත් කිරීමට ඇති හොදම ක්‍රමයයි" මෙම මතය නිසා ඇත්ත වශයෙන්ම ඔබගේ තත්වය තවත් උඝ්‍ර අතට පත්වී කැලලි සලකුනු පවා ඇති විය හැක. "ලිංගික ක්‍රියාකාරකම් නිසා කුරුලෑ ඇති විය හැක" ලිංගිකව එක්වීම හෝ ස්වයං වින්දනයේ යෙදීම කුරුලෑ මත කිසිදු ආකාරයක බලපෑමක් නොවේ. "අව්ව තැපීම මගින් කුරුලෑ රෝගලක්ෂණ සුව අතට හැරෙ" දීර්ඝකාලීන ලෙස හිරු රශ්මියට නිරාවරණය වීමෙන් කුරුලෑ සුව වන බවට මෙතෙක් සාදක සහිතව ඔප්පුකොට නොමැත. කුරුලෑ සුව කිරීමට යොදා ගන්නා බොහොමයක් ඖෂධ මගින් සම හිරු රශ්මියට වඩාත් සංවේදී කල හැකි අතර එම නිසාවෙන් නිරාවරිත සමට වේදනාකාරී ආකාරයෙන් හානි විය හැකි මෙන්ම සම අශ්‍රිත පිළිකා වැලදීම අවදානමද ඉහලයා හැක. "කුරුලෑ බෝවන සුලුයි" කුරුලෑ ඔබට තව පුද්ගලයෙකට අසාදනය කල නොහැකි ය.